සිනමා පටයක කියවීම සඳහා සිනමා භාෂාව වැදගත් වේ. සිනමා පටියක භාෂාව අප එදිනෙදා භාවිතා කරන භාෂාව නොවේ. නමුත් සිනමා පටිය තුළින් සාමාන්‍ය භාෂාව බැහැර කළ නොහැකිය. සාමාන්‍ය භාෂාව ද සිනමා පටිය තුළ භාවිත වෙයි. සාමාන්‍ය භාෂාව අවශ්‍ය වුවද සිනමා භාෂාව යනු සාමාන්‍ය භාෂාව නොවේ. සාමාන්‍ය භාෂාව යනු සන්නිවේදන භාෂාවයි. සිනමා භාෂාව නිර්මාණාත්මකයි. සිනමා භාෂාව මත චිත්‍රපටයක් සිනමාපටයන් වීමටත් සිනමාපටයක් ගුණාත්මක භාවයෙන් ඉහළ වීමටත් බලපායි. සිනමා භාෂාව නිසා සිනමාපටයේ රදා පැවැත්ම එය ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගැනීම සිදුවේ. එසේ නොවුනහොත් සිනමාපටය අසාර්ථක වේ. වර්තමානයේ තිරගත වූ ධර්මසේන පතිරාජගේ ස්වරූප මඟ හැලීමටත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ යශෝධරා ඉදිරියට යාමටත් හේතුව මෙකී සිනමා භාෂා භාවිතයයි. ප්‍රේක්ෂකයාගේ මනෝවිද්‍යාව දුෂ්ටිවාද මතවාද මත එය සිදුවේ. මෙම කරුණු මඟින් පෙනියන්නේ හොඳ සිනමා පටියකට භාෂාව බද්ධ වන බවයි- සිනමා පටියක් වුව චිත්‍රපටියක් වුව සාර්ථක වන්නේ සිනමා භාෂාව උසස් ලෙස භාවිතා කිරීම තුළිනි- වොදරින් හයිට්ස්, නිධානය, ස්වරූප මෙන්ම ගින්දරී, යශෝධරා වුවද උක්ත කියමන අදාළ වේ. සාමාන්‍ය භාෂාව ගීතයක පදමාලාව, ගස, මල මිනිසා, කාන්තාව යනාදී කිසියම් වස්තුවකට කියන නමක් යෙදීමට භාවිතා කරනු ලබයි.
සිනමා පටියක් තේරුම් ගැනීමට සාමාන්‍ය භාෂාව අවශ්‍ය වේ- සිනමා පිළිබඳව වැඩි වශයෙන් හදාරන ලද සිනමා න්‍යාචාරවරයා වන්නේ ක්‍රිස්ටියන් මෙට්ස් (Cristian Metz)ය. ඔහු 1970 දී Film & Language කෘතිය රචනා කරමින් සංඥා භාෂාව සිනමා භාෂාව ලෙස එන්නේ කෙසේද යන්න ඉදිරිපත් කළේය. මෙට්ස් සිනමාව සහ භාෂාව බද්ධ කරන අතර සාමාන්‍ය භාෂාවෙන් සිනමා භාෂාව වෙන් කරන ලදි. සංඥාර්ථවේදි විප්ලවය 1970 දී සිදු කරමින් ක්‍රිස්ටියන් මෙට්ස් ඉදිරිපත් කළ සංඥාර්වේද පිළිබඳ න්‍යාය ඔස්සේ යමින් සිනමා නිර්මාණකරුවන් සිනමා ප්‍රේක්ෂකයන් සහ සිනමා විචාරකයන් සංඥාර්වේදි යන සංඥාවලින් කතාකරන භාෂාව හඳුනා ගැනීම සිදුවිය.
සාමාන්‍ය භාෂාව යනු සන්නිවේදන භාෂාවයි. සිනමා භාෂාවට කේත (Codes) අවශ්‍ය වේ. ඒවා සිනමාරූපි කේතයි. (Cinematic Codes) චිත්‍රපටිය තුළ කේත සංඥා භාවිතා කරයි. යොදා ගන්නා කේත මත සිනමාපටය හෝ චිත්‍රපටිය සාර්ථක වීම සිදු වේ. චිත්‍රපටයක් වුවද සිනමාපටයක් වුවද කේත අවශ්‍යයි. කේත චිත්‍රපට භාෂාවේ ප්‍රධාන අංගයකි- සංකල්පයකි- කේත යනු සංඥා ප්‍රකාරයක් හෝ ඇගයුම් කාරකයන් වෙයි. චිත්‍රපටිය හා සිනමාව යන ද්විත්වයටම සංඥාර්ථවේදය සම්බන්ධ වෙයි. සංඥා මඟින් අර්ථ ලබා දෙන බැවින් එය අර්ථ මුදාහරින බලාගාරක් ලෙස නම් කළ හැකිය. සංඥාවලට විශාල බලයක් පවති. මේ නිසා සිනමාවට භාෂාව අතිශය වැදගත් වූවකි- සිනමාවේ කරනු ලබන ඕනෑම නිරූපණයක් එනම් මිනිසෙක්, කාන්තාවක්, බල්ලෙක්, පූසෙක්, මරණයක්, හාදුවක් යනාදි ඕනෑම දෙයක් නිරූපණයක් දෘශ්‍ය වාද්‍යයෙන් එනු ලබන සංඥාවක් වේ. සංඥාවලින් තොරව හොඳ සිනමාපටයක් බිහි නොවේ. බාහිරින් එන සංඥා චිත්‍රපටවල පවතී. සුනාමිය නම් බාහිර සංඥාව පාදක කර ගනිමින් චිත්‍රපට නිර්මාණය වීම නිදසුන් ලෙස ගත හැක. මේ සියල්ල සිනමාපටයේ එන කේතයි. සිනමා භාෂාව සමඟ කේත සම්බන්ධ වීමත් කේත සමඟ සංඥා සම්බන්ධ වීමත් සංඥා සමඟ සංඥා කාරක සම්බන්ධ වීමත් සංඥා කාරක සමඟ සංඥා ඇගයුම සම්බන්ධ වීමත් සමඟ මේ සබඳතාව ගොඩනැගේ.
උම්බුටු ඊකෝ (Umbutu Eko) නම් සංඥාර්ථවේදියා ද ( Artipalation of the Cinematic Rule Film) පොතේ කේත පිළිබඳව කතා කරයි. මෙහිදී කිව යුතුම කාරණාව වන්නේ මේවාට පෙරද සිනමා නිර්මාණ තුළ සිනමා භාෂාව තිබූ බවයි. අශෝකමාලා, කඩවුනු පොරොන්දුව, පාතර් පංචාලි යන සිනමාපටවල සිනමා භාෂාව තිබුණි. දෘශ්‍ය යනු භාෂාවකි. රූපය යනු සංඥාවකි. රූපය මඟින් හඳුනා ගැනීමේ හැකියාව පවතින අතර මේ සියල්ල සංඥා වේ. රූපයක් මැවෙන විට සංඥාවක් අප සමඟ සම්බන්ධ වෙයි. සංඥාර්ථවේදයේ වැදගත්කම එයයි. 1970 පසුව ක්‍රිස්ටියන් මෙට්ස් සිනමා භාෂාවට සංඥාර්ථවේදයේ ආකෘතිය ඇතුල් කළේ සංඥා භාෂාවේ තිබෙන ආකාරයටම නොවේ. ඔහු වාච්‍යාර්ථය සහ ගුණාර්ථය සිනමා භාෂාවට එක් කළේ යුරෝපා හා ප්‍රංශ සිනමාව හරහාය.
සාමාන්‍ය භාෂාව සමඟ බලන විට සිනමා භාෂාව දුර්වල යැයි වූ අදහස මෙට්ස් බැහැර කළේය. ඕනෑම සිනමා භාෂාවක වාච්‍යාර්ථය සහ ගුණාර්ථය තිබිය යුතුය. සිනමාකරුවෙකු භාෂාව භාවිතා කරන විට තීක්ෂණ හා සූක්ෂම විය යුතු අතර හොඳ අවබෝධයක් තිබිය යුතුය. සංඥාර්ථවේදය යනු සන්නිවේදය සඳහා උපයෝගි කරගත හැකි ඕනෑම දෙයක් පිළිබඳව කරනු ලබන අධ්‍යනයකි. වචන රූප සංගීතය ශබ්ද ආදිය මඟින් සන්නිවේදනය කරයි නම් ඒවා සංඥා හෙවත් හැඟවුම් (Signs) නමිනි. අප භාවිතා කරන භාෂාව ලෝකයත් සමඟ ඉතා සෘජු සම්බන්ධතාවක් පවත්වයි- නිදසුනක් ලෙස පුටුව යන සංඥාකාරකය (Signifier) ගතහොත් පුටුව මඟින් යම්කිසි අරුතක් හැඟවුමක් තේරුමක් ලබාදෙයි. සුදු කොඩිය යන හැඟවුම්කාරකය මඟින් ලබාදෙන හැඟවුම ශෝකයයි. සෑම සංඥාවක් නැත්නම් හැඟවුමක් ඇති කරන දෙයකම සංඥාකාරකය ලෙස ගැනේ.
සිනමාවේදී මෙකී හැඟවුම්කාරක යොදාගෙන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන චරිතය අවස්ථා සිද්ධි මනාව ගලපා ඉදිරිපත් කරන අතර එමඟින් ප්‍රේක්ෂකයාට අදෘළ දර්ර්නය පිළිබඳ විවිධ අරුත් ජනිත කළ හැකිය. මෙසේ පුද්ගල චරිත හෝ යම් අුවස්ථා පිළිබඳ හැඟීම් නැතහොත් අරුත ඇති කරන්නේ සංඥා භාවිතා කිරීම ඔස්සේය. සංඥාර්ථවේදින් චිත්‍රපටියක් සංඥාකාරකයත් හෙවත් හැඟවුම් කාරක පද්ධතියක් ලෙස හඳුන්වන්නේ මේ නිසාවෙනි- චිත්‍රපටයක් හෝ සිනමාපටයක් තුළ ආලෝකය කැමරා කෝණ කැමරා ධාවනය රූප සංගීතය රඟපෑම සංස්කරණය ඔස්සේ සිනමාකරුවා ප්‍රතිෂ්ඨාපනය කරන්නට යන අදහස ප්‍රේක්ෂක මනස තුළ ඇති කරයි.
තාක්ෂණයෙන් සහ සෞන්දර්ය පිළිබඳ කෞශල්‍යයෙන් සම්මිශ්‍රනයක් සිනමා භාෂාව ලෙස අර්ථ දැක්විය හැක. කතාව දිගහරින කලාවට අපි ආඛ්‍යානය (Narrative) යැයි කියන අතර සිනමාපටයක දිගහරින සිදුවීම් පෙළක් (Story Line) පවතී. සිනමා භාෂාව භාවිතා වන්නේ එහිදීය. ඒනිසා ආඛ්‍යානය සිනමා භාෂාවේ මූලික පදනම වේ. සිනමා භාෂාව භාවිතා කිරීමේ පළමු වැන්න කතාව (Plot) සහ පිටපත (Script) දිගහරින ආකාරයයි.
මෙහිදී රූපරාමු ප්‍රමාණය, රූපරාමුවල දුරස්ථභාවය, සමීපස්ථභාවය, මධ්‍යම ද ආදි කැමරාව මඟින් කරනු ලබන වෙනස්කම් ගැන සලකා බලයි. සමීප රූප අති සමීප රූප යොදා ගනිමින් පුද්ගලයකුගේ මුහුණේ ඇති හැඟීම් මනාව ඉදිරිපත් කළ හැක. දුර රූප යොදාගෙන යම් සිදුවිමක් වන ස්ථානයක් ප්‍රේක්ෂකයාට පෙන්වීට හැකියාව ලැබෙයි. කැමරා කෝණ භාවිතා කරමින් ගැහැණු ළමයි චිත්‍රපටයේ කුසුම් පාසලෙන් සමුගැනීම පෙන්වීමට උත්සාහ ගත් අයුරු පෙනේ. කැමරාව මඟින් කුසුම් තරමක උච්ච කෝණයකින් හා දුර රූපයකින් පෙන්වමින් ඇය හුදකලා වීම හා කැමරාව පිටුපසට ධාවනය කිරීම තුළින් කුසුම් පාසල් ජිවිතයෙන් සමුගත් අයුරු පෙන්වයි. කැමරාව තුළද භාෂාවක් පවති. කැමරාවේ භාෂාව සිනමා භාෂාවේ ප්‍රකාරයක් වුවද එය ලඝු කල නොහැක. මේ අනුව පෙනීයන්නේ කැමරාවද සිනමා භාෂාවේ කොටසක් වන බවයි.
සංස්කරණය ද සිනමා භාෂාවේ කොටසක්ය. සංස්කරණය තුළින් ද සිනමාකරුටන්ට සංඥා භාවිතා කළ හැකිය. පිළිවෙලක් ඇතිව කතාව ගලාගෙන යාම ( linear editing) පිළිවෙලක් නොමැතිව කතාව ගලාගෙන යාම (Non linear editing) ලෙස සිනමාපටයක් සංස්කරණය කළ හැක. තවද Fade in , Fade out , Match Cut , Jump Cut , Dissolve යනාදි නම්වලින් හැඳින්වෙන සංස්කරණයන් කරමින් සිනමාපටයට සංඥාර්ථයන් එක් කරයි.
ආලෝකය ද සිනමා භාෂාවේ තවත් එක් අංගයකි. ආලෝකය අඩු කිරීම වැඩි කිරීම මැකී යාමට සැලැස්වීම යනාදිය කළ හැක. මෙය බොහෝ දුරට ත්‍රාසජනක සිනමාපට (Horror Film) වල යොදාගන්නා අයුරු පෙනෙයි. ශබ්ද ද සිනමාවට සංඥාර්ථ ගෙන දෙයි. කටහඬ (Voice) සහ ශබ්ද (Sound) යනු දෙකකි. කටහඬ යනු මිනිස් කටහඬයි. ගීත දෙබස් මීට අයත් වේ. ශබ්ද යනු බාහිර පරිසරයෙන් එන ශබ්දයි. බල්ලෙකු බුරන හඬ ශබ්දයකි- මේවා සිනමාපටයක් තුළ යොදාගත යුතු බව ක්‍රිස්ටියන් මෙට්ස්ගේ අදහස විය. ශබ්ද සමහර රූපරාමු තීව්‍ර කිරීමට අවශ්‍ය වේ. Day Dream චිත්‍රපටයේ මෙය හොඳින් යොදාගෙන ඇති ආකාරය චිත්‍රපටයේ මුල් දර්ශනය නරඹන ප්‍රේක්ෂකයාට පෙනි යන කරුණකි. ශ්‍රව්‍ය දෘශ්‍ය හා අර්ථ සංඥා සිනමා භාෂාව තුළ තාක්ෂණිකව භාවිතා කිරීමෙන් හොඳ සිනමාපටයක් බිහි වේ. අර්ථ සංඥා ඉදිරිපත් කිරීමට ශ්‍රව්‍ය හා දෘශ්‍ය යොදාගනී. කුරුසය ක්‍රිස්තුස් වහන්සේ නිරූපණය කරයි. දෑකැත්ත සහ මිටියේ පවතින්නේ ද වාච්‍යාර්ථයට වඩා ගුණාර්ථයයි. හිට්ලර්ගේ ස්වස්ථිකයේ දෘශ්‍ය අර්ථය පැසිසට්වාදයයි. මේ ආකාරයට සිනමාවේද ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංකේත යොදාගෙන අර්ථ උද්දීපනය කරනු ලබයි. තවද ශාරිරික භාෂාව සිනමාපටය තුළ තිබිය යුතුයි. ඒ මන්දයත් කතන භාෂාවට වඩා ශාරිරික භාෂාව ප්‍රබල නිසාවෙනි. මේ ආකාරයට සිනමා භාෂාව සාමාන්‍ය භාෂාවෙන් වෙනස් වන ආකාරය නිදසුන් සහිතව පෙන්විය හැක.
👍👍❤
ReplyDelete🤙🤙🤙🤙👍
ReplyDelete🤩🤩👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍❤
ReplyDelete👍👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete❤❤
ReplyDelete👌👌👌👌👌👌👌
ReplyDelete👍👍❤
ReplyDelete🖒🖒🖒
ReplyDelete👍👍👍👍
ReplyDelete